පාස්කු ප්‍රහාර විමර්ශන මැද ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ලබාගැනීම සඳහා මීට පෙර ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.