මෙරට නාමය බැබලවූ රුමේෂ් තරංග ලොව හොඳම මලල ක්‍රීඩකයන් අතර 13 වැනි තැනට
හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවූ රුමේෂ් තරංග, ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.
අදාළ ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය ග්‍රෙනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිව ඇති අතර, තුන්වන ස්ථානය ජර්මනියේ ජූලියන් වෙබර් විසින් දිනාගෙන ඇත.
එසේම ලොව සියලුම මලල ක්‍රීඩකයින් ඇතුළත් පොදු ශ්‍රේණිගත කිරීම් කාණ්ඩයේ (Overall World Rankings) 25 වැනි ස්ථානයේ සිට 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද රුමේෂ් තරංග සමත් වී ඇත.
විශේෂත්වය වන්නේ මෙම සමස්ත මලල ක්‍රීඩා පොදු කාණ්ඩය තුළ ඉහළින්ම රැඳී සිටින ආසියානු ක්‍රීඩකයා බවට පත්වීමට ද රුමේෂ් තරංග සමත්වීමයි.