වෛද්‍ය රුක්ශාන් බෙල්ල පොලීසි යයි.. හේතු සහිතයි
ටැම්පිටියේ සුගතානන්ද හිමි ඇතුළු 06 දෙනකුට ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ එම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් සුමිත් හේමන්ත, සුළු සේවක මංජුල නෙලුම්දෙනිය, සෞඛ්‍ය කාර්යය සහායකවරුන් වන සුසන්ත පුෂ්පකුමාර, ප්‍රියන්ත හා සොයිසා යන අයවලුන්ටයි මෙලෙස නොතීසි නියෝග නිකුත් කරනු ලැබුවේ.
රජයේ රෝහල්වල ඇතැම් කනිෂ්ට සේවකයන් රාජකාරී වේලාව තුළ ගංජා පානය කරන අතර ඔවුන් රෝගීන්ගේ වටිනා බඩුබාහිරාදිය සොරකම් කරන බවටත් කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ කනිෂ්ට සේවකයන් පිරිසක් ඉකුත් 19 වනදා ඔහුගේ නිල කාමරයේ පැය පහකට ආසන්න කාලයක් ඔහුව සිරකර තබා ගෙන විරෝධය දක්වා තිබුණා
පසුව පොලීසිය මැදිහත්වී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව මුදවා ගෙන රෝහලේන් පිටතට රැගෙන ගිය අතර
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉකුත් 21 වනදා මරදාන පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් පැය පහකට ආසන්න කාලයක් තමන්ව නිල කාමරයේ සිරකර තබාගෙන මරණ බියක් ඇති වන අයුරින් කටයුතු කර තමන් අපහසුතාවයට පත්වන පරිදි වතුර ගැසූ බව පවසමින් ඉහත 06 දෙනාගේ නම් සඳහන් කරමින් පැමිණිල්ලක් සිදුකර තිබුණා.