රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කරයි?. සම්පූර්ණ විස්තරය මෙන්න.
Sri Lanka
Ajithi niwad kabral
The central bank
By Aruna
රුපියල් දස දහසේ (10,000) වටිනාකමට නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව, මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් පැතිර යන මතවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ.
උද්ධමනය ඉහළ යාමත් සමග එවැනි සූදානමක් ඇති බවට ඇතමුන් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ඇතැයි ද ලේකම්වරයා පැවසුවා.
මේ අතර, විදේශ විනිමය සංචිත ප්‍රමාණය කඩිනමින් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
මහ බැංකු අධිපතිවරයා, මේ වනවිටත් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවයි ඔහු පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |