ඩුබායි අසිතගේ වත්කම් රැසකට අධිකරණයෙන් තහනමක්

Report

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන 'ඩුබායි අසිත' නමැත්තාට අයත් රුපියල් මිලියන ගණනක් වටිනා දේපළ සහ මුදල් තහනම් කිරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මෙම තීන්දුව ලබා දී ඇත.

ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් උඩ යයි - ලොකු ළූණු මිල ගිණි ගණන් නගී

ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් උඩ යයි - ලොකු ළූණු මිල ගිණි ගණන් නගී

ඒ අනුව සැකකරු සන්තකයේ තිබූ රන් පවුම් 105ක්, රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා වෑන් රථයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් අධිකරණ නියෝගය මත මෙලෙස තහනම් කර තිබේ.

මෙම විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ 'ඩුබායි අසිත' නමැත්තා සිය නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් මෙම ධනය සහ රන් භාණ්ඩ සිය සමීපතම ඥාතීන්ගේ නම්වලින් මිලදී ගෙන තිබූ බවයි.

රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්

රටම කැළඹුණු මනුස්ස ඝාතනයේ සුලමුල එළියට - හිස කදෙන් වෙන් කරලා පිළිමේ ගහපු අපරාධේ ඇග හිරිවැටෙන අනාවරණයක්