2027 අයවැය අද පස්වරුවේ ප්‍රකාශයට - මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙයි
ලබන වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද මේ වන විටත් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
ඉරානයෙන් යුරෝපයට ප්‍රහාර? බ්‍රිතාන්‍යය, ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, රුමේනියාව, ඇල්බේනියාව ආදී යුරෝපා රටවල් සඳහා රතුඑලි
2027 අයවැය විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 26 ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7ක් පැවැත්වෙන අතර, දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන 20 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය එළඹෙන නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින හතරක් ද ඇතුළුව දින 19 ක් පැවැත්වෙන අතර, තුන්වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරුවේ පැවැත්වෙනු ඇත.
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදාය.