ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 සිට මේ දක්වා ලබා ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 528ක් - අද 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළි කරයි
එමිරේට්ස් (Emirates) ගුවන් සමාගම සමඟ පැවති කළමනාකරණ හවුල්කාරිත්වය අවසන් වීමෙන් පසු 2008 වසරේ සිට මේ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 528ක සමස්ත අලාභයක් ලබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අද (12) පාර්ලිමේන්තුවේදී 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික කරුණක් මත පදනම්ව එම හවුල්කාරිත්වය අවසන් කිරීමට තීරණය කිරීම මෙම පාඩුවට හේතු වූ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එමිරේට්ස් සමාගම සහ ශ්‍රීලංකන් ගුවන් සේවය අතර පැවති වසර 10ක කළමනාකරණ ගිවිසුම 2008 මාර්තු මාසයේදී අවසන් වුණා. ඉන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ කළමනාකරණ වගකීම ශ්‍රී ලංකා රජය විසින් භාරගනු ලැබුවා.