වැටලීම්වලදී අල්ලන සියලු මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට නව පනතක්
වැටලීම්වල දී ආරක්ෂක අංශ භාරයට ගන්නා සියලු මත්ද්‍රව්‍ය තොග, අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සාම්පලයක් පමණක් ළඟ තබාගෙන සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා නව පනතක් සම්මත කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
හොරණ ප්‍රදේශයේ පැවති 'රටම එකට' ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග යළි සමාජගත වන බවට මහජනතාව තුළ මතයක් පැවති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා මෙම නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දුන් බව වැඩිදුරටත් සඳහන් කළේය.