කෝටි ගාණක් වටින මත් ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු මාට්ටු

Report

රුපියල් එකොළොස් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි, කුළී රැකියාවල නිරත වන 45 හැවිරිදි පුද්ගලයෙකි.

විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ

විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී, සැකකරු විසින් මත්ද්‍රව්‍ය සහිත ගමන් මල්ල ගුවන් තොටුපොළේ ගමන් මලු පථයක අතහැර දමා පළා යාමට උත්සාහ කර ඇත.

එහිදී සිදුකළ පරීක්ෂාවේදී අදාළ ගමන් මල්ල තුළ තිබූ චොක්ලට් පැකට් 12ක අඩංගු චොක්ලට් ඉවත් කර, ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 340ක "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට නිලධාරීන් සමත් වී තිබේ.

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රටටම සුබ පුවතක් - මැයි මාසෙදි ලංකාවට ලැබෙන දේ

ඉන්ධන ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රටටම සුබ පුවතක් - මැයි මාසෙදි ලංකාවට ලැබෙන දේ

සිද්ධිය සම්බන්ධයෙන් රේගු බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.