විශේෂ දැනුම්දීමක් - දැන්මම සූදානම් වෙන්න - මේ ප්‍රදේශවලට අද රෑ 8 සිට වතුර නෑ
පවතින වියළි කාලගුණය නිසා සිදුකරන ජල සැපයුම් කළමනාකරණය හමුවේ අද (06)දින ප.ව. 8.00 සිට හෙට (07) පෙ.ව 08.00 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව දැනුම් දී ඇත.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දී ඇත්තේ පෝෂක ජලාශ මඟින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇති බවයි.
එසේම එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම මෙසේ සීමා කරන අතර, හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය දැනුම් දී අත්තේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවයි.
එබැවින් හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා ඇත.