ඉරානය රුසියාවෙන් සහාය ඉල්ලයි

Report

ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දීම සිදු කරන්නේ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිටය. දින 37 කට වැඩි කාලයක් තිස්සේ පවතින එම යුද ගැටුම් සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහ විද්‍යා ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි.

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

අලුත් අවුරුද්දට QR එන හැටි ජනපති කියයි

ඊට අමතරව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම ඉරානයෙ පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. එම ප්‍රහාරවලින් සිදුවනු ජීවිත හානි සහ දේපොළ හානි සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.

අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ඉරානයට ලබාදෙන බව රුසියන් විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයාට අවධාරණය කළ බව ද පැවැසෙයි.  

ගෑස් මිල ඉහළයාම නිසා බත් පැකට් රු.20කින් මිල වැඩි වෙයි – කෙටි කෑම රු.10කින් අඩු වෙයි

ගෑස් මිල ඉහළයාම නිසා බත් පැකට් රු.20කින් මිල වැඩි වෙයි – කෙටි කෑම රු.10කින් අඩු වෙයි