මුළු ලංකාවටම රාත්‍රී 11 තෙක් වලංගු නිවේදනයක් - දැනගෙන මිසක් එළියට යන්න එපා
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (06) නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද සවස 2:00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
විශේෂයෙන් විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටින ලෙස ද වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබේ.