වගා බිමක ඇද තිබූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු නොයෙන ගමන් යයි

Report

දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ වගා භූමියක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වෑවලවැව ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

උසස්පෙළ ප්‍රති­ඵල 100%ක් පෙන්නලා ළමයි 57න් 21ක් කැම්පස් යවපු අමු­ණෙ­ක­ඳුර ඉස්කෝලේ විදුහල්පති කියන කතාව මෙන්න

උසස්පෙළ ප්‍රති­ඵල 100%ක් පෙන්නලා ළමයි 57න් 21ක් කැම්පස් යවපු අමු­ණෙ­ක­ඳුර ඉස්කෝලේ විදුහල්පති කියන කතාව මෙන්න

පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය වගා බිම වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක මෙම පුද්ගලයා අහඹු ලෙස ගැටී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විදුලි රැහැන් ඇද තිබූ 56 හැවිරිදි වගා බිමේ හිමිකරු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගෑස් මිල ඉහළයාම නිසා බත් පැකට් රු.20කින් මිල වැඩි වෙයි – කෙටි කෑම රු.10කින් අඩු වෙයි

ගෑස් මිල ඉහළයාම නිසා බත් පැකට් රු.20කින් මිල වැඩි වෙයි – කෙටි කෑම රු.10කින් අඩු වෙයි

දඹුල්ල පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.