ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ඉරාන විශ්ව විද්‍යාල 30 ක් විනාශයි

Report

පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට එරට විශ්වවිද්‍යාල 30ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීම සහ එරට පවතින ඉස්ලාමීය පාලනය අවසන් කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති බව වාර්තා වන අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට පියවර නොගන්නේ නම් අධ්‍යාපන ආයතනවලට අමතරව පාලම් සහ විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ඉරානය "අපායක්" බවට පත් කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස තර්ජනය කර ඇත.

ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

එමෙන්ම මෙම ප්‍රහාර මාලාවේ තීරණාත්මක පියවරක් ලෙස ඉකුත් 3 වැනිදා උතුරු ටෙහෙරානයේ පිහිටි ඉරානයේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන සහීඩ් බෙහෙෂ්ටි විශ්වවිද්‍යාලයේ ලේසර් සහ ප්ලාස්මා පර්යේෂණායතනය වෙත ඊශ්‍රායලය බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් එම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

කෙසේ වෙතත්, යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ අධ්‍යයන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට රජය මීට පෙර තීරණය කර තිබූ බැවින්, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිසුන් එහි රැඳී නොසිටීම නිසා විශාල ජීවිත හානි ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකි වී ඇත.

පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි

පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි

විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවලට අමතරව වසර 100කට වඩා පැරණි සුප්‍රකට පාස්චර් ආයතනය ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන 20කට ද ප්‍රහාර එල්ල වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉරාන රජයේ නවතම දත්තවලට අනුව මේ දක්වා එල්ල වූ ප්‍රහාරවලින් ඉරාන වැසියන් 2,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර කලාපීය යුදමය උණුසුම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.