උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව

Report

අලුත් අවුරුදු සමය ආසන්න වීමත් සමඟ වෙළඳපොල තුළ පාරිභෝගිකයන්ට අසාධාරණ ක්‍රියා සිදුකරන වෙළෙඳසැල් පිළිබඳව දැඩි පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

විශේෂයෙන් භාණ්ඩ සඟවා තබා ගැනීම, අධික මිලට අලෙවි කිරීම, සහ මිල ලැයිස්තු නොපෙන්වීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් ක්‍රියාත්මක කරමින් පවතින බව ද ඔවුන් අවධාරණය කරයි.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේ, පසුගිය සති දෙක තුළ පමණක් වැටලීම් 1000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි.

ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබඳව මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

මෙම වැටලීම් වලදී නීති උල්ලංඝනය කළ වෙළෙඳසැල් කිහිපයක් හඳුනාගෙන, ඒවාට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් සඳහන් කර ඇත.

තවද, අලුත් අවුරුදු සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් වෙළෙඳුන් කිහිපදෙනෙකු අසාධාරණ ලාභ ලබා ගැනීමට උත්සාහ කරන බවට පැමිණිලි ලැබී ඇති බවත්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව ජනතාවගේ සහයෝගයද ඉතා වැදගත් බවත් ඔහු කියා සිටියේය.

පාරිභෝගිකයන්ට අසාධාරණ ලෙස සලකන වෙළෙඳසැල් පිළිබඳව අධිකාරියට පැමිණිලි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇති අතර, එම පැමිණිලි අනුව ඉදිරියටත් දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බව ද වැඩිදුරටත් සඳහන් වේ. 

ඉරානය රුසියාවෙන් සහාය ඉල්ලයි

ඉරානය රුසියාවෙන් සහාය ඉල්ලයි