පළමු කාන්තාව ලෙස වාර්තා තබමින් තානාපතිධූරයට පත්වූ ඇය..

By Sewvandhi Jan 25, 2025 08:08 AM GMT
Report

පසුගියදා දෝහාහිදී ,කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය වැඩ භාරගත්තාය.

ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව වේ.

1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වී ඇති සිතාරා ඛාන්,මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් ඇති අයෙකි.

විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර තිබේ.

සිතාරා ඛාන් කොළඹ මෙතෝදිස්ත විදුහලේ ආදි ශිෂ්‍යාවක්ය.

………………………………………………………………………

You may like this video 👇