හිටපු ඇමති රොෂාන් රණසිංහ අල්ලස් කොමිසමට
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අල්ලස් හෝ දුෂණචෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (26) කැඳවා තිබේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
ඒ වගේම රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනය සිදු කරනු ලබයි .