හිරුට අත තිබ්බට සජිත් යකා නටයි - පුළුවන්නම් කරලා පෙන්නන්න කියයි
ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් ගෙන යමින් රජය ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
එවැනි පියවරක් වැළැක්වීම සඳහා තම පක්ෂය විසින් හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
“ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට රජය සූදානම් බව පෙනෙනවා. එවැනි පියවරක් වැළැක්වීමට අපි හැකි සෑම පියවරක්ම ගන්නවා,” යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.
මාධ්‍ය යනු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමඟ එක්ව ජාතියක ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන සිව්වැනි කුළුණ බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, දැනටමත් පොලිස් රාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බවටද සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කළේය.