ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සම්බන්ධයෙන් අසුබ ආරංචියක් - මුලින් ගෑස් දෙන්නේ මේ අයට
ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ඉහළ දැමුවද තවදුරටත් ගෑස් හිඟයක් පවතින බව පාරිභෝගිකයන් පවසති.
ලිට්‍රෝ ගෑස් සැපයුමට සාපේක්ෂව ලාෆ් ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලාෆ් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් වේ.
කොළඹ සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් පවසන්නේ, ලිට්‍රෝ ගෑස් තොග අළෙවි නියෝජිතයන් සතුව නොතිබීම නිසා තොග ලැබෙන අවස්ථා පිළිබඳ අවධානයෙන් සිට පෝලිම්වල පැය කිහිපයක් රැඳී සිටීමෙන් පසුව ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.
පාරිභෝගිකයන්,කොළඹ, කළුතර සහ ගම්පහ යන බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම ගෑස් හිඟය දැඩිව පවතින අතර කුරුණෑගල, මහනුවර සහ රත්නපුර ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවල නාගරික ප්‍රදේශවලද ගෑස් හිඟය පවතින බව පවසති.
මහනුවර ජාත්‍යන්තර පාසලක් කැළඹෙයි - පාසලේ අධ්‍යක්ෂවරයෙක්ගේ වාහනයට සිසුන් දෙදෙනෙක් යට වී එක් අයෙක් ජීවිතක්ෂයට
එමෙන්ම ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ ලැබෙන ගෑස් තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට පෝලිම්වල සිට ගෑස් මිලදී ගැනීමට සිදුව ඇති බවත්, ගෑස් අළෙවියේදී හෝටල් වැනි ව්‍යාපාරික ස්ථානවලට ප්‍රමුඛතාව ලබා දෙන බවත්ය.
ලාෆ් ගෑස් අළෙවි නියෝජිතයන් ද පවසන්නේ ප්‍රමාණවත් තොග නොලැබීම නිසා තමන්ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, මිල ඉහළ දැමීමෙන් පසුව හෝ ප්‍රමාණවත් තොග ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මේ පිළිබඳව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකම සඳහන් කරන්නේ ඉදිරියේදී පෝලිම් නොමැතිව සාමාන්‍ය ලෙස ගෑස් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් හා හැකි උපරිමයෙන් ගෑස් තොග බෙදාහරින බවත් ය.