ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න
ඉරානයට එල්ල කරන ප්‍රහාරවලදී නවීන කෘතිම බුද්ධි (AI) තාක්ෂණ ක්‍රමවේද යොදාගන්නා බව අමෙරිකානු මධ්‍යම විධානය සඳහන් කර තිබේ.
මෙය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම විධානයේ අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් පැවසුවේ අමෙරිකානු ප්‍රහාරක යානා දියුණු AI තාක්ෂණය භාවිත කරමින් මෙහෙයුම් සිදු කරන බවයි.
ඔහු අනාවරණය කළේ, මෙම පද්ධති මඟින් විශාල දත්ත ප්‍රමාණයක් ඉතා කඩිනමින් විශ්ලේෂණය කිරීමට හැකි වන අතර, පෙර පැය ගණන් ගතවූ ක්‍රියාවලි තත්පර කිහිපයකින් සිදුකරගත හැකි බවයි.
කෙසේ වෙතත්, එවැනි තාක්ෂණය භාවිත කළද අවසන් තීරණය සෑමවිටම මිනිසුන් විසින්ම ගනු ලබන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.