ආපදා සහන සේවා යළි ඇරඹේ
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතුවලින් ඉවත්ව සිටිමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද(මාර්තු 12) අවසන් කළ බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරි වෘත්තීය සංගමය සදහන් කර තිබේ.
එම සංගමයේ සභාපති උපුල් කුමාර මහතා සදහන් කළේ පොරොන්දු වූ දීමනා නොලැබීම හා සහන තක්සේරු කිරීම් සඳහා නිසි චක්‍රලේඛ නොමැතිකම හේතුවෙන්, ග්‍රාම නිලධාරීන්, ආපදා සහන සේවා නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන් පසුගිය 27 දින සිට අදාළ රාජකාරිවලින් ඉවත්ව සිටි බවයි .
ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ ගැටලු විසදිමට කටයුතු කිරිම නිසා අද සිට යළිත් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට අදාළ කටයුතු ආරම්භ කල බව ද ඔහු තව දුරටත් සදහන් කර තිබේ