පිටියේ පස් කෑ ඉන්දීය නායකයා.. හේතුව එළියට දායි.. බුකියම ඇවිලි ගිය ඒ ආරංචිය මෙන්න..(PHOTOS)

Rohit Sharma Cricket India Indian Cricket Team Latest Headlines
By krishani Jul 02, 2024 11:02 AM GMT
krishani

krishani

Report

T20 ලෝක කුසලානය අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරදවා ඉන්දියාව ජයග්‍රහණය කළේ ය.

පිටියේ පස් කෑ ඉන්දීය නායකයා.. හේතුව එළියට දායි.. බුකියම ඇවිලි ගිය ඒ ආරංචිය මෙන්න..(PHOTOS) | Rohith Sharma

එම තරගය බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැතියේ ය.

එලෙස එම තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා ක්‍රීඩාපිටියේ බිම වාඩි වී තණතීරුවේ කැබැල්ලක් ගෙන කටේ දමා ගන්නා දර්ශන සමාජ මාධ්‍ය පුරා සැරි සැරිණී.

ඇත්තටම එදා කාත් එක්කද කෝලි ෆෝන් එකෙන් මේ හුරතල් වුණේ?. සමාජ මාධ්‍ය කැළඹී ගිය ඒ සිද්ධිය මෙන්න..(PHOTOS)

ඇත්තටම එදා කාත් එක්කද කෝලි ෆෝන් එකෙන් මේ හුරතල් වුණේ?. සමාජ මාධ්‍ය කැළඹී ගිය ඒ සිද්ධිය මෙන්න..(PHOTOS)


රෝහිත්ගේ මෙම ක්‍රියාවෙන් දින කිහිපයකට පසු මෙම ක්‍රියාව පිටුපස ඇති හේතුව හෙළි කරමින් රෝහිත් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ තණතීරුවේ කොටසක් තමා ළඟ තබා ගැනීමට අවශ්‍ය වූ බව ය.

පිටියේ පස් කෑ ඉන්දීය නායකයා.. හේතුව එළියට දායි.. බුකියම ඇවිලි ගිය ඒ ආරංචිය මෙන්න..(PHOTOS) | Rohith Sharma

අදහස් දැක් වූ රෝහිත් ෂර්මා කියා සිටියේ මෙවැන්නකී,

“මම තණතීරුවට යන මොහොතේ මට දැනුණේ ඒ තණතීරුව අපට මෙය ලබා දුන් බව. අපි එම තණතීරුවේ ක්‍රීඩා කළා.අපි තරඟය දිනුවා. මට ඒ පිටිය සදහටම මගේ මතකයේ තියේවි. ඉතින් ඒ අවස්ථා හරිම විශේෂයි. ඒ වගේම අපේ හැම හීනයක්ම සැබෑ වූ තැන, මට එයින් යමක් අවශ්‍ය වුණා. එය පිටුපස ඇති හැඟීම එයයි.” යනුවෙන් ය.

කෙසේ වෙතත්, කපිල් දේව් සහ එම්එස් දෝනිගෙන් පසුව ලෝක කුසලානයක් දිනූ තෙවන ඉන්දීය නායකයා බවට පත් වූයේ රෝහිත් ෂර්මා ය.

GalleryGalleryGalleryGalleryGalleryGallery