පස් කන්දක් කළ දෙයක් - ප්‍රධාන මාර්ගයක් වැසෙයි.

Sri Lanka Police Sri Lanka Landslide In Sri Lanka
By krishani Jun 27, 2023 09:03 AM GMT
krishani

krishani

Report

අද (27), ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගල් ගස් සමඟ පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව ඇනහිටී ය.

ඒ අලුයම ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ය.

එයින් රථ වාහන ගමනාගමනය උදැසන සිටම සම්පුර්ණයෙන්ම ඇනහිටි බව නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කළේ ය.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කපා ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර සිදු කළේ ය.

කෙසේවෙතත්, එම මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවනය කරන සියලුම වාහන හැටන් හරහා ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ ය.