මාර්ගයක් වසා තැබීම ගැන දැනුම්දීමක්

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sithumi Jul 07, 2023 12:16 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (08) දිනයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් කණුව 35 අසල මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ අනුව, හෙට පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙනු ඇත.

 දුම්රිය දෙපාර්තමේන්තුව දනුම් දී ඇත්තේ, මෙම මාර්ගය වසා තබන කාලය තුල එම මාර්ගය හරහා ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.

Gallery
ReeCha