රිෂාඩ් බදියුදීන් ගේ නිවසේදී මිය ගිය දැරිය ගැන නවතම ආරංචියක්...

Police Rizard badiyudeen
By Aruna Jul 25, 2021 03:11 AM GMT
Aruna

Aruna

Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන තැරැව්කරු වන ශංකර් නැමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ ද ක්‍රියාත්මක වෙමින් ඇති බව පොලීසිය පවසයි.

ආගරපතන ප්‍රදේශයේ බැංකුවක එම සැකකරු විසින් ගිණුමක් පවත්වාගෙන යන අතර එම ගිණුමට යම් ආකාරයක මුදල් බැර වී ඇති බවක් විමර්ශනවලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

16 හැවිරිදි දැරියගේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් අදාළ නිවසේ සිටි තවත් කාන්තාවකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම කාන්තාව 2015ත් 2019ත් අතර කාලයේදී දූෂණයකට ලක්වී ඇති බව අනාවරණය වී තිබුණි.

එම සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණු අතර ඊයේ දිනයේ ඔහුවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ද ඊයේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කෙරුණි.

මෙම සියලු සැකකරුවන් හෙට (26) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now