වියළි කාලගුණයත් සමගින් රෝගයක අවධානම් තත්ත්වයක් - මේ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න.

Sri Lanka Weather
By krishani Aug 26, 2023 03:37 AM GMT
krishani

krishani

Report

මෙරට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානක් මතු වී තිබෙනවා.

ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවල ස්නානය සහ මසුන් ඇල්ලීමට යාමෙන් මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය.

එමෙන්ම ජලය අවම ස්ථානවල ස්නානය කිරීම මඟින් සමේ රෝග සහ පාචනය ඇති වීමේ අවදානමක් ද මතු වී තිබෙනවා.

මේ අතර පානීය ජලය විකිණීමේ කටයුතු කරන ස්ථාන පිළිබඳ දැඩි විමසිල්ලකින් කටයුතු කරන බව එම සංගමය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වෙනත්  ක්‍රමවලින් ලබා ගන්නා ජලය පානය කරනවා නම්, උතුරුවා නිවා ගත් ජලය ම භාවිත කරන ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ReeCha