ගසක් කඩාවැටීමෙන් මියගිය තිදෙනා සෝ සුසුම්මැද අවසන් ගමනට

Report

පසුගිය දා නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය නගරය දක්වා සාමාන්‍ය පරිදි ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ දිරාපත් වූ විශාල ගසක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරෙන් පාසල් සිසුවෙකු, ඔහුගේ ආදරණීය මව සහ තවත් අසල්වැසි කාන්තාවක එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විණි.

අනතුරින් මියගිය එම පාසල් සිසුවා සහ ඔහුගේ මවගේත්, අනෙක් කාන්තාවගේත් දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ 06 වැනිදා පස්වරුවේ නාවලපිටිය ගලබොඩ වතුයායේ පිහිටි පොදු සුසාන භූමියේදී ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුකෙරිණි. 

මේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස පිළිබඳව විශේෂ නිවේදනයක්

මේ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස පිළිබඳව විශේෂ නිවේදනයක්

නාවලපිටිය, පන්විල මංසන්ධියේ සිට ගලබොඩ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් 6 ක් තරම් දිගු දුරක් පුරා තවත් දිරාපත් වූ, ඕනෑම මොහොතක කඩා වැටීමේ දැඩි අවදානමක් සහිත මහා පරිමාණයේ විශාල දැව ගස් රැසක් පවතින බව ප්‍රදේශයේ ඉඩම් හිමියන් සහ ගම්වාසීන් පවසති.

මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්‍රදේශය පුරා දැඩි කතාබහක් සහ පොදු ජනතාව තුළ දැඩි බියක් ඇති වීමට ප්‍රධානතම හේතුව වූයේ, පසුගිය 04 වැනිදා නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් අහිංසක මිනිස් ජීවිත 3 ක් එකවර රටට අහිමිවීමත් සමඟය.

මෙම ඛේදනීය තත්ත්වය තවදුරටත් ඉදිරියට සිදු වීමට ඉඩ නොතබා පන්විල මංසන්ධියේ සිට ගලබොඩ දක්වා වූ මාර්ගය දෙපස කිලෝමීටර් 6 ක් දුරට විහිදී ඇති දිරාපත් වූ කඩා වැටීමේ අවදානමක් සහිත නුග, කොස්, යුකැලිප්ටස් ඇතුළු වටිනා දැව ගස් ගණනාවක් වහාම කපා ඉවත් කරන ලෙස ගම්මුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සියලුම අවදානම් සහිත ගස් කපා ඉවත් කරන ලෙසට ප්‍රදේශයේ වගකිවයුතු ග්‍රාමසේවා නිලධාරිවරයා හරහා පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍ය ජයසුන්දර මහත්මිය නිල වශයෙන් දැනුවත් කර ඇතත්, එයට මෙතෙක් කිසිදු ස්ථාවර විසඳුමක් ලැබී නොමැති බව ඉඩම් හිමියන් පවසයි.

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම් ගැන විශේෂ දැනුම්දීමක්

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම් ගැන විශේෂ දැනුම්දීමක්

මේ අතර, මෙම බරපතළ ගැටලුව සම්බන්ධයෙන් පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සිදුකළ විමසුමකට ඇය පවසා ඇත්තේ, ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිවරයාගේ නිල නිර්දේශ සහිතව කපා ඉවත් කළ යුතු බවට හඳුනාගෙන ඇති ගස් සම්බන්ධයෙන් වහාම කඩිනම් පියවර ගන්නා ලෙසට තමන් ගම්පොළ ඇත්ගාල රාජ්‍ය දැව සංස්ථාව වෙත ලිඛිතව උපදෙස් සහ පූර්ණ බලය ලබා දී ඇති බවයි.