හිටපු ඇමැති රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරියගේ සිරුර ගොඩගත් හැටි..

Police FCID Rizard badiyudeen
By Aruna Jul 30, 2021 04:58 AM GMT
Report

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිළීමෙන් ජීවිතක්ෂයට පත් ඉෂාලිනි ජූඞ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ගොඩගෙන තිබෙනවා.

එම දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑළිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ඊයේ (29) පොලිසියට නියෝග කළා.

වසම භාර ග‍්‍රාමසේවා නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දී මිය ගිය දැරියගේ සිරුර ගොඩ ගැනීම සිදු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now