ප්‍රාදේශීය සභාපතිවරයෙකු විරෝධතාකරුවන් හා ගැටුමක..!

Sri Lanka Economic Crisis Sri Lanka Gota Go Home 2022 SL Protest
By Sewvandhi Apr 28, 2022 04:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආණ්ඩුවට එහෙිව රිදීමාලියද්ද වෙළෙද සංගමය සහ ත්‍රීරෝද රථ සංගමය එක්ව රිදීමාලියද්ද ආදාඋලපත මංසිධියේදි අද සවස පැවැති විරෝධතාවකට සහභාගී වූ පුද්ගලයකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

විරෝධාතාකරුවන් රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාව ඉදිරිපිටට පැමිණ ප්‍රාදේශිය සභා මාර්ග හරහා ආදාඋල්පත පොළ භුමියට ඇතුලුවි ඉන් අනතුරුව පොළ භූමිය හරහා විරෝධාතාකරුවෝ නැවත ආදාඋලපොත මංසංධියට පැමිණියහ.

ඒ අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ කිසියම් පුද්ගලයකු විරෝධතාවය විඩියෝකර ඇති අතර විරෝධතාවය නිමාකර පසු විඩියෝ කළේ ඇයි දැයි විමසීමට යෑමේදි රිදීමාලියද්ද සභාපති නිශාන්ත ජයසුන්දර මහතා ඇතුලු පිරිසක් ඔවුන්ට පහර දුන්නැයි පවසා නැවත විරෝධාකරුවන් ප්‍රාදේශීය සභාව වටලා සභාපති අත්අඩංගුවට ගන්නැයි බලකරමින් නැවත විරෝධතාවයේ නිරතවූහ.

සභාපතිවරයා ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වු විරෝධතා කරුවන් දෙදෙනකු රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශිය රෝහලේ ප්‍රථිකාර ලබයි රිදීමාලියද්ද සභාපති වරයා පැය එකහාමාරක පමණ කාලයක් සභාව තුළ සිරවි සිටි අතර රිදීමාලියද්ද, මහියංගණ ,ගිරාදුරුකොට්ටේ යන පොලිස් ස්ථාන තුනකින් පැමිණි නිළධාරින් පිරිසක් සභාපතිවරයා පොලිස් බාරයට ගෙන පොලිස් ජිප් රියට නන්වාගැනිමට යාමේදි විරෝධාතාකරුවන් සභාපති වරයාට පන්නා පන්නා පහර දී ඇතැයි කියැවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now