සහල් දඩයේ පනත් කෙටුම්පත නීතිපතිට

RICE ECONOMIC FARMERS FUND TAXES BANDULA GUNAWARDHANA
By Sewvandhi Jul 02, 2021 03:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන්ගෙන් අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අදාල පනත් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැඩි මිලට සිදුවන සහල් අලෙවිය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. මේ අතර, යහපාලන ආණ්ඩුව සමයේ ඇණහිට තිබූ ගොවි රක්ෂණය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි යළි ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවකදියී. එහිදී නව ගොවි රක්ෂණ සැකැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමද සිදු කෙරුණා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවි විශ්‍රාම වැටුප ඉහල නැංවීමටද රජයේ අවධානය යොමුව ඇති බවයි.

You may like this video


වී ගබඩා 105 ක් අලුතින් ඉදිකිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. මේ අතර වැව්, අමුණු ඇළවේළී ප්‍රතිසංස්කරණය කිරීමේ ගිවිසුම් වලට එළඹීමේදී මෙතෙක් ගොවි සංවිධාන වලට රුපියල් ලක්ෂ 20 කට සීමා වී තිබූ කොන්ත්‍රාත් මුදල රුපියල් කෝටියක් දක්වා ඉහළ නැංවීමටත් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වල අලෙවි කටයුතු සඳහා ඍජුව ගොවීන්ට මැදිහත්වීමේ අවකාශය පුලුල් කිරීමට තීරණය කිරීමද ඊයේ පැවති සාකච්ඡාවේදී සිදු වුණා. එම සාකච්ඡාවේදී, දිස්ත්‍රික් ගොවි නියෝජිතයින් ජනධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා ලෙස යි.

නීරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගත් පියවර අගය කරන බවත්, කාබනික පොහොර අර්බුදය ජය ගැනීම සඳහා සහය ලබා දෙන බවත් ගොවි නියෝජිතයන් එහිදී ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha