හාල් මිල රු.40කින් අඩු කරයි?..වී මිල 70ට බස්සයි ද?..

By Aruna Nov 25, 2022 04:41 AM GMT
Report

හාල් කිලෝග්‍රෑමයක මිල රුපියල් තිස්පහත්, හතළිහත් අතර මුදලකින් අඩු කළ හැකි අයුරින් වී මිල පහත වැටුණද තවදුරටත් මෝල් හිමියන් එම වාසිය පාරිභෝගිකයන්ට නොදෙන බව අනාවරණය වී තිබෙනවා.

වී කිලෝග්‍රෑමයක මිල රුපියල් විසිහතරකින් පහත වැටී ඇති අතර ඊයේ (24වැනිදා) වන විට වී කිලෝවක් රුපියල් 101 දක්වා පහළ බැස තිබුණා.

මීට මාස එකහමාරකට පෙර වී කිලෝවක් මෝල් හිමියන් මිලදී ගත්තේ රුපියල් 125 ක් බැගිනි.

වී කිලෝග්‍රෑම් හැටහතරක මිටියක් රුපියල් අටදහසකට මෝල් හිමියන් මිලදී ගත්තද ඊයේ (24) වනවිට වී මිටියක් අලෙවි වූයේ රුපියල් හයදහස් පන්සියකටය.

මෙවර මහ කන්නයේ අස්වැන්න මිලදී ගැනීමේදී වී මිටියක් රුපියල් 4500 කට ගොවීන්ගෙන් මිලදී ගැනීමට මහා පරිමාණ මෝල් හිමියන් අතර පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත.

ඒ අනුව වී කිලෝව රුපියල් හැත්තෑවකට මිලදී ගැනීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now