පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ඇමති කියයි..
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
මෑතකාලීනව වෙළෙඳපොළේ ඇති වූ සහල් හිඟය සහ සහල් මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහල් මිල දී ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කළ බවත් ඇමැතිවරයා පැවසුහ.
මේ අනුව ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ආනයනය කරනු ලබන පළමු සහල් තොගය අද (19) දිවයිනට ළඟාවන බව ද අමාත්‍යවරයා කියා සිටී.
එස්.ටී.සී ආයතනය යටතේ සහල් ගෙන්වීමට පමණක් ටෙන්ඩර් 04ක් විවෘත කර ඇති බව ද ඇමැතිවරයා අනාවරණය කරන ලදී.
මෙරටට ආනයනය කරනු ලබන සහල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
‘ජනතාවට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති නොවෙන්න තීරණ තුනක් ගත්තා.
පළමු තීරණය තමයි සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරන්න පළමු කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කළා. ඉන්පසු සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.
එමඟින් සහල් මෙට්‍රික් ටොන් 25,000ත් – 30,000ත් අතර ප්‍රමාණයක් ලැබෙයි කියා අපේක්ෂා කළා. ඊයේ දවස වන විට මෙට්‍රික් ටොන් 12,000කට ආසන්න ප්‍රමාණයක් සහල් මෙරටට ආවා.
හවස් වෙනකොට මෙට්‍රික් ටොන් 12,000කට ආසන්න ප්‍රමාණයක් වරායෙන් නිදහස් කරගෙන තිබෙනවා. ලංකාවේ මෝල් හිමියන් සතුව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට ආසන්න සහල් ප්‍රමාණයක් තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී සාකච්ඡා වට 03ක් පැවැත්වුවා.
ඔවුනුත් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා. පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් පසු ඔවුන් ඩිරෙක්ට් බයර්ස්ලා හරහා මෙරටට සහල් ගෙන්වනවා. මේ කුමන ක්‍රමයට සහල් ආවත්, වරායේදී සහල් කන්ටේනර් පරීක්ෂා කරනවා.
පරීක්ෂා කරන තැන් 03ක් තිබෙනවා.
මෙම ක්‍රමවේදයට සහල් කන්ටේනරය වෙන වෙනම පරීක්ෂාවට ලක් වෙනවා.
ඕනෑම සහල් කන්ටේනරයක් පැය 04කට ආසන්න කාලයකදී නිදහස් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
මේ සමබන්ධයෙන් කස්ටම් එකේ අධ්‍යක්ෂවරයා සමඟ අපි සාකච්ඡා කර තිබෙනවා. එක් පෞද්ගලික ආනයනකරුවෙක් ඉන්නවා. ඔහු කන්ටේනර 75ක් ගෙන්වා තිබෙනවා. එයින් 03ක ගුල්ලෝ සිටියා.
අපි ඒ කන්ටේනර් 03 ආපසු හරහා යැව්වා.මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිසිම අවස්ථාවක අපි ගෙන්වන්නේ නැහැ.
YOU MAY LIKE THIS VIDEO