ගනේමුල්ල සංජීව ඝාතනයේ සැඟවුණු තොරතුරු රැසක් හෙළිවෙයි. - ඝාතන කොන්ත‍්‍රාත්තුව කෝටි එකහමාරයි.- ඇඩ්වාන්ස් දුන්නේ ලක්‍ෂ 2යි.

CID - Sri Lanka Police Sri Lanka Police Murder
By Wayomi Feb 20, 2025 08:28 AM GMT
Wayomi

Wayomi

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගනේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතන කිරීම ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේගේ උපදෙස් මත රුපියල් කෝටි එක හමාරක කොන්ත්‍රාත්තුවකට සිදුකර ඇති ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පලායාමට සැලසුම් කර සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගනු ලැබුවා.

ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කමාන්ඩෝ සමිඳු නමැති 28 හැවිරිදි අයෙක්.

නමුත් මෙම සැකකරු අන්වර්ථ නම් රැසකින් පෙනී සිටිමින් මෙම ඝාතනය ඇතුළු ඝාතන 6ක් සිදුකර ඇති බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත.

මොහු යුධ හමුදාවේ කමාන්ඩෝ බළකායෙන් පළාගිය සෙබළෙකු බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇති අතර පුහුණු කුලී වෙඩික්කරුවෙකු ලෙස අපරාධ රැසකට සම්බන්ධ වූ සමීර දිල්ශාන් හෙවත් කමාන්ඩෝ සමිඳු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදෙනු ලැබුවා.

මහරගම - දඹහේන පාරේ ලිපිනයක පදිංචි මෙම සැකකරු පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

සමීර දිල්ෂාන් හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති මෙම වෙඩික්කරුට ගනේමුල්ලේ සංජීව ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් බවත් සඳහන්.

ඒ රුපියල් කෝටි එක හමාරක මුදලකටයි.

එම මුදලින් වෙඩික්කරුට මෙතෙක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ හමුවෙයි.- එකක් පුපුරයි. - යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පරීක්ෂණ ආරම්භයි.

ඝාතනය සිදුකළ මෙම පුද්ගලයා සහ ඔහුට සහය දුන් බව පැවසෙන කාන්තාව අධිකරණ භූමිය වෙත පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක සිටයි.

වෙඩිතැබීමෙන් පසු දෙදෙනා මරදාන වෙත ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් මීගමුව බලා ගොස් ඇති අතර මීගමුවේ සිට සැකකරු පමණක් වෑන් රථයකින් පුත්තලම දෙසට පළාගොස් තිබෙනවා.

එලෙස පළාගිය සැකකරු පුත්තලම පාලවියේ දී අත්ඩංගුවට පත්වන විට ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලබා දී ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ නීතීඥ හැදුනුම් පතයි.

එය පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් ඉදිරිපත් කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන අතර සැකකරු පලායාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මොරගහ හේන ප්‍රෙදේශයේ පදිංචිකරුවෙක් බවට තොරතුරු වාර්තා වන්නේ.

එම පුද්ගලයාද කෙසෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

මිද්දෙනියේ වෙඩි තැබීමෙන් මරණ තුනයි. - පුතාත් ජීවිතක්ෂයට. -වැඩිමහල් දරුවා කෑම කඩේ අසල නවතා කුඩා දරු දෙදෙනා සමඟ පිය ගිය අවසන් ගමන.

මිද්දෙනියේ වෙඩි තැබීමෙන් මරණ තුනයි. - පුතාත් ජීවිතක්ෂයට. -වැඩිමහල් දරුවා කෑම කඩේ අසල නවතා කුඩා දරු දෙදෙනා සමඟ පිය ගිය අවසන් ගමන.


You May Like This Video👇


 

ReeCha