වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස වෙනස් වෙයි.

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 28, 2023 10:09 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාල සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

එමෙන්ම මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළහොත් ගැටලුවක් මතුවිය හැකි බැවින් පෙත්සම යළි කැඳවීමට දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥවරෙකු වන රොමේෂ් ද සිල්වා කියා සිටියේ.

ඒ, අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.