පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක් - ත්රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්රාමික රණවිරුවන් විරෝධතාවක් [VIDEO]
විශ්රාමික රණවිරුවන් පිරිසක් විසින් අද දින (24) පොල්දූව පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතාවක නිරත වුණා.
මෙම විරෝධතාවය රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය මඟින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ත්රිවිධ හමුදාව සහ පොලීසියේ විශ්රාමික රණවිරුවන් රැසක් එක් වුණා.
ඒ අනුව එම පිරිස විරෝධතාවේ නියැලුණේ තම විශ්රාම වැටුප තමන් මිය ගිය පසු කිසිදු කප්පාදුවකින් තොරව යැපෙන්නන් හට ලබා දෙන ඉල්ලමින්.
මේ අතර විරෝධතාවෙන් පසුව පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය මඟින් ඔවුන් වැළැක්වීමට ගත් උත්සායහත් සමඟ උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ.