අනේ අපොයි මුහුදට ගිය රාජ්‍ය සේවකයට වුණ අපරාදෙ

Report

බේරුවල, කිච්චිමලේ පල්ලිය ආසන්න මුහුදු තීරයේ දිය නෑමට ගිය විශ්‍රාමික දුම්රිය නිලධාරියෙකු දියවැලකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පයාගල, පහලගොඩ පදිංචිව සිටි 66 හැවිරිදි පහලගේ වසන්ත අබේගුණවර්ධන නම් පුද්ගලයෙකි.

පොලිසිය සඳහන් කළේ, අද උදෑසන දිය නෑම සඳහා මුහුදු වෙරළට පැමිණ ඇති මොහු, දිය නාමින් සිටියදී එකවරම දියවැලකට හසුවී අතුරුදන්ව ඇති අතර, අසල සිටි පුද්ගලයෙකු ඒ පිළිබඳ දැක ඔහු බේරා ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වී ඇත.

අනේ දෙයියනේ කසාදේ දවසෙම අවසන් ගමන් මගුල් ගෙදර ගෑස් එක පුපුරලා

අනේ දෙයියනේ කසාදේ දවසෙම අවසන් ගමන් මගුල් ගෙදර ගෑස් එක පුපුරලා

අනතුරුව සුළු වේලාවකට පසු ඔහුගේ සිරුර වෙරළට ගොඩගසා ඇති අතර, 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඔහු ඒ වන විටත් මියගොස් සිටින බව තහවුරු වී තිබේ.

එමෙන්ම, මියගිය පුද්ගලයාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි

සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි