සිගරට් විකිණීම තහනම් වෙයිද? මේ අයට ආයේ සිගරට් ගන්න අමාරු වෙයි
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ 2010 වසරෙන් පසු උපන් අයට සිගරට් විකිණීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා සිටින බවයි.
විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය වෘත්තිකයන්ගේ සහාය ඇතිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් යෝජනාව රජයට ඉදිරිපත් කරන බව ඔහු පවසා ඇත.
යෝජිත නීතිය පසුගිය වසරේ මාලදිවයින විසින් සම්මත කළ නීතියට සමාන වනු ඇති අතර, 2007 ජනවාරි 1 වැනිදා හෝ ඉන්පසු උපන් ඕනෑම අයකුට සියලුම දුම්කොළ නිෂ්පාදන විකිණීම, මිලදී ගැනීම සහ භාවිතය තහනම් කරයි.
එවැනි නීතියක් හඳුන්වා දෙන්නේ නම්, එය ශ්‍රී ලාංකිකයන් අතර දුම්පානය පැතිරීම අඩු කිරීම සඳහා දිගුකාලීන පිළියමක් වනු ඇත.
වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“මාලදිවයින සංචාරක ව්‍යාපාරය මත බෙහෙවින් රඳා පවතිනවා. ශ්‍රී ලංකාවේ දුම්පානය තහනම් කිරීම සංචාරක ව්‍යාපාරයට බලපායි කියලා කවුරුහරි කියනවා නම්, එය සත්‍ය නොවන බව ඔප්පු කිරීමට මාලදිවයින උදාහරණයක්. මාලදිවයිනේ සමස්ත තේමාව වන්නේ ‘ඔබට දුම්පානයෙන් තොර රටකට යා හැකිය’ යන්නයි, දුම්පානය කරන්නන් තිදෙනෙකුගෙන් එක් අයකු අකාලයේ මිය යනවා”
වර්තමානයේ සිගරට් අලෙවිය සම්බන්ධ වැටලීම් සිදුකිරීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් සතුව ඇති අතර සිගරට් විකිණීම හෝ මිලදී ගැනීම සඳහා වත්මන් වයස් සීමාව අවුරුදු 21ක වේ. මත්පැන් අලෙවිසැල්වලට බලපත්‍ර නිකුත් කරන ආකාරයටම දුම්කොළ අලෙවිය සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන අතර නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස සිගරට් සමාගම් විසින් තරුණ පරම්පරාව ඉලක්ක කර ගන්නා බව වෛද්‍ය රත්නායක පැවසීය.
ඔහු පැවසූ ආකාරයට, “සිගරට් එකක මිලෙන් 75%ක් බදු විය යුතුයි. කොවිඩ්-19 තත්ත්වයට පෙර බදු 73% දක්වා වැඩි කර තිබුණා. නමුත් කොවිඩ්-19න් සමයෙන් පස්සේ බොහෝ නිෂ්පාදන සඳහා බදු වැඩි කළත් සිගරට් සඳහා බදු වැඩි කළේ නැහැ.වර්තමානයේ එම බදු 63%ක් පමණ වනවා"
සිගරට් සඳහා බදු අය කිරීමේ ක්‍රමය තරමක් සංකීර්ණ බවත් අදාල බද්ද සිගරට්ටුවේ ප්‍රමාණය මත රඳා පවතින බවත් එම නිසා සමාගම් කාණ්ඩ මාරු කරමින් සිටි බවත් ඔහු පැවසුවේය. එමෙන්ම බදු 27.5%කින් වැඩි කළත්, සමාගම් සඳහා ලාභය 92% ඉක්මවන බවත් එබැවින් රජය සිගරට් බදුවලින් ලැබෙන ආදායම ගණනය කරන ආකාරය ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය බවත් පැවසුවේය.