ලෝක බලවතෙක් අද ලංකාවට

Report

අද (11) රාත්‍රීයේ චීන විදේශ අමාත්‍ය වැන්ග් ඊ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර ඒ දෙදින නිළ සංචාරයක් සඳහාය.

එමෙන්ම ඔහු හෙට පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත අතර එහිදි දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය වාර්තා කරයි.

වාහන අංක තහඩු ගැන විශේෂ නිවේදනයක්

වාහන අංක තහඩු ගැන විශේෂ නිවේදනයක්

එම හමුවට අමතරව චීන විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මෙනෙවිය ද හමුවීමට නියමිතව ඇත.

ඔහු මෙරටට පැමිණීමේ ප්‍රධානතම අරමුණ වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට යලි ගොඩනැගීම පිලිබඳව සොයාබැලීම සහ චීන රජයෙන් ලබාදෙන ආධාර පිලිබඳ දැනුම් දීම සදහාය.

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි

ඉදිරි පැය 24ට ජනතාව ප්‍රවේශමෙන් - කාලගුණය දරුණු වෙයි