ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි - හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
By Ashfa
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගිනිකොණ දිග ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව්ගිනිවලට හසුවීමෙන් නිවාස හා ගොඩනැගිලි 300කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති අතර පුද්ගල මරණයක් ද වාර්තා වී ඇත.
වාර්තා වන ආකාරයට දින කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනිවලින් වැඩිම බලපෑම වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට සිදුව ඇත.
ඒ අනුව බලධාරීන් විසින් මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර පවතින අවදානම සැලකිල්ලට ගනිමින් පුද්ගලයින් විශාල පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
එරට කාලගුණ බලධාරීන් පෙන්වා දෙන ආකාරයට තද සුළං හා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි තත්ත්වය තවත් දින ගණනාවක් පැවතීමේ අවදානම ද පවතියි.