යළි ප්‍රතිව්‍යුහගතවන රාජ්‍ය ආයතන.

Sri Lanka Government Of Sri Lanka Sagala Ratnayaka
By Hashini Sep 17, 2023 03:53 AM GMT
Hashini

Hashini

Report

රජය තීරණය කර තිබෙන්නේ පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමටයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතී තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුවක් පත්කිරීමට නියමිත බව‍යි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කළේ,

සාගල රත්නායක මහතා එම අදහස් පළ කළේ කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීර‍යේ පවිත්‍රතා වැඩසටහනකට ඊයේ (16) එක්වෙමිනි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  

සංචාකරයින් ආකර්ෂණය කර ගන්න අවශ්‍ය පරිසරය අපි හැම අවස්ථාවෙම රැක ගන්න ඕනේ.

එක පැත්තකින් ආයතන කීයක් තියෙනවා ද මේ වෙලාවේ සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළ සංරක්ෂණ අධිකාරිය තියෙනවා.

ඒ වගේම පළාත් පාලන ආයතන ටික තියෙනවා. නාවික හමුදාව උදව් කරනවා. ඒක වගකීමක් නෙමෙයි. ඒ වගේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය.

ඒ වගේ වගකීම් පැවරෙන රාජ්‍ය ආයතන තියෙනවා මේ රාජ්‍ය ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා.

ඒ වෙනුවෙන් අපි කමිටුවක් පත්කරනවා.

ඒ ප්‍රතිව්‍යුහගත කරන්නත් අවශ්‍ය නීති ශක්තිමත් කරලා දෙනවා.

ඒ වගේම ජනතාධිපතිවරයා කාර්‍යසාධන බළකායක් පත්කරනවා.

ReeCha