ලිංගික චෝදනාවට වරදකරු වුණොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.- නැති වුණොත් දඬුවම ලැබෙන්නේ කාටද? - (VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Cope Committee Sri Lanka
By Wayomi Nov 20, 2023 06:32 AM GMT
Wayomi

Wayomi

Report

විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එහිදී ඔහු කියා සිටියේ, තමා පාර්ලිමේන්තුවේ නොසිටි මොහොතක මෙවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවයි.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත්, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඔහු වැඩි දුරටත් කියා සිටියේ, තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බවත්ය.    



ReeCha