විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
By Kanchana
නෝර්ටන්බිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද (27) උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන තිබේ.
නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සදහන් කරන්නේ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් තිබෙන බවයි.
ජලාශභාර ඉංජිනේරුවන් කියා ප්‍රකාශ කළේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි .
ඒ අනුව කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි ධාරිතාව උපරිම ධාරිතාවයෙන් සිදු කරන බව තව දුරටත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.