බහාලුම් 323 ගැන විමර්ශනයට තේරීම් කාරක සභාවක්

Report

අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද (27) උදෑසන පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී සඳහන් කළේය.

කථානායකගේ සඳහන් කිරීමට අනුව, මෙම කමිටුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.

අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳ නිවැරදි සෙවීම සිදුකර, එහි ප්‍රතිඵල පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මෙම තේරීම් කාරක සභාව පත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහාතා විසින් නොවැම්බර් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවද මෙයට අදාළ වේ.

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

වාහන මිල පහලට - මහ බැංකුව කියයි

වාහන මිල පහලට - මහ බැංකුව කියයි