ඒඩ්ස් ආසාදිතයන් ගැන භයානක හෙළිදරව්වක්
පසුගිය වර්ෂයේදී 2024 වර්ෂයේදී ඒඩ්ස් මරණ 50ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණතිලක මහත්මිය ඊයේ (26දා) සදහන් කර තිබේ .
ලෝක ඒඩ්ස් දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 01 වැනිදාටයි.
ඒ වෙනුවෙන් 37 වැනි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරිය මේ බව සදහන් කර ඇත.
මෙම අවස්තාවේදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ, එම වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උමේදා ජයසිංහ එම වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සත්‍යා හේරත් යන මහත්ම මහත්ම මහත්මීන්ද මේ පිළිබද අදහස් දක්වා තිබේ.
ඒ වගේම ඇය සදහන් කළේ පසුගිය වසර වනවිට එච්. අයි. වී. ආසාදිතයන් සියයට 48 කින් වැඩිවී ඇති බවයි.
ලංකාවේ පළමු එච්. අයි. වී. ආසාදිතයා වාර්තා වී ඇත්තේ 1987 වර්ෂයේදීය.
ඇය ප්‍රකාශ කළේ 2024 වර්ෂය වනවිට එච්. අයි. වී. ආසාදිතයන් ගණන හත්දහස් එකසිය හැටඅට (7168) දක්වා ඉහළ නැග ඇති බවයි.
තවද 2024 වසරේදී පමණක් එච්. අයි. වී. ආසාදිතයන් 824 දෙනෙක් වාර්තා වී ඇති බව ඇය සදහන් කළාය.
ඇය වැඩි දුරටත් සදහන් කළේ ඉන් ආසාදිතයන් 722 දෙනකුම පිරිමි පුද්ගලයන් බවයි.
ඒවගේම ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට හේතුව බවට පත්වනුයේ අවුරුදු 20 ත් 24ත් අතර පිරිමි-පිරිමි අතර ලිංගික ක්‍රියාකාරකම් බවත් 2024 වර්ෂය වනවිට මෙරට එච්. අයි. වී. සමග පුද්ගලයන් 5700ක් ජීවත් වූ බවත් ඇය ප්‍රකාශ කළාය.