පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ගැන අළුත්ම ආරංචිය
By Kanchana
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර තිබේ.
දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුකර ඇති බව පොලීසිය සදහන් කරයි.
ඒ වගේම පොලීසිය ප්‍රකාශ කළේ අවශ්‍ය පරිදි මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බවයි.
නැතහොත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අධික වර්ෂාපතනය හේතුවෙන් පහත සඳහන් මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය සඳහන් කළේය:
පොළොන්නරුව - මාදුරු ඔය මාර්ගය (මනම්පිටිය ප්‍රදේශයෙන්)
පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය (සුංගාවිල ප්‍රදේශයෙන්)
ඔයමඩුව - සෙට්ටිකුලම මාර්ගය (සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත)
අනුරාධපුර - වාරියපොල මාර්ගය (දැදුරු ඔය පාලම අසල වසා ඇත)
[