මුළු දිවයිනටම රතු නිවේදනයක් - දරුණු තත්ත්වයක්
By Mithu
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු මැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී. 200 ඉක්මවූ තද වැසි තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද නිවේදනය කර ඇත.