විශේෂිත දූත පිරිසක් රුසියාවට..
By Piyumika
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය.

අනියම් බිරිදගෙන් නිත්‍යානුකූල බිරිද ඉල්ලු කප්පම් මුදල "ඕක දීලා දාන්න" යැයි අනියම් පෙමට කියු පොලිස් නිලධාරීයාට උන දේ..
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙලෙස පිටත්වීමට නියමිත බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
මෙම ශ්‍රී ලාංකික දුත පිරිස සහ රුසියානු රජයේ නියෝජිතයින් අතර නිල හමුව අනිද්දා (26) දිනයේ දී මොස්කව් නුවරදී පැවැත්වෙනු ඇත.
එදින උදෑසන රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමගත් සවස්වරුවේ රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමගත් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එහිදී රාජ්‍ය තාන්ත්‍රක සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්වීමට නියමිත බව ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.