කතානායකවරයා හදිසියේම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම..

Report

පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

එහිදී  රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කිරීම එහි අරමුණ බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ද පාර්ලිමේන්තුවට වන අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) දිනයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා ඇත.හෙට පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.