සෞඛ්‍ය ලේකම්ගේ වැඩ තහනම්..?ජනපතිගෙන් ඉල්ලීමක්..
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්දයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ වැඩ තහනම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලති.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්දයෙන් වූ විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නොයැවීම පිලිබදව හිටපු සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වැඩ තහනම් කල යුතු බවත් උක් වහන්සේ කියා සිටිති.
කුරුණෑගල රෝහලේ සාක්ෂි රාජ්‍ය සේවා කොමිසමට යැවීමට කටයුතු නොකිරීම සම්බන්දයෙන් සෞඛ්‍ය බලධාරීන් වගකිවයුතු බවත් රතන හිමියෝ පැවසූහ්අධිකරණයේ අදාල නඩුව අවසන් වී නොමැතිව ඔහුට යලි වැටුප් ලබාදෙන්නේ කොමිසමට නිසි තොරතුරු වාර්තා නොවීම හේතුවෙන් බවද උන්වහන්සේ කියති.
ෂිහාබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස් කර නැති බවත් එම නඩුව යට ගසන්නට ඉඩ දෙන්නේ නැති බවත් උන්වහන්සේ අවරධාරණය කරති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |