ජනවාරි සිට කොන්දොස්තරලා රහිතව බස් ධාවනය කරමින් ගාස්තු ඉහල දමයි..?
By Sewvandhi
ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට මගී ප්‍රවාහන පෙරගෙවුම් කාඩ්පත අනිවාර්යය කිරීමටත්, කොන්දොස්තරවරු සහිතව හෝ රහිතව බස්රථ ධාවනයට අවසර ලැබෙන පරිදි මෝටර් රථ ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
බස් ගාස්තු ඉහළ නංවන ලෙස අමාත්‍යංශය වෙත භාරදුන් යෝජනා මාලාවට මෙම යෝජනා ඇතුළත් කර ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
මගී ප්‍රවාහන බස් කර්මාන්තයේ පිරිවැය තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙන බැවින් ලබන මාසයේ සිට බස්රථ ධාවනය සියයට 25ක් දක්වා අඩුවීමේ අවදානමක් තිබෙන බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |